ගාල්ලේ පෙදෙස් 05ක සංචරණ සීමා සමග සියලු පාසල් වැසේ!

December 6, 2020 at 8:17 pm | by emanisa.lk

ගාල්ල නාගරික බල ප්‍රදේශයේ පිහිටි සියලු පාසල් හෙට (07) දින සිට වසා දැමිමට තීන්දු කළ බැව් වාර්තා වෙයි.

ඇත්තිලිගොඩ සුදර්ශි විද්‍යාලය, හිරිඹුර සුලේමානියා, ගාල්ල මුස්ලිම් බාලිකා විද්‍යාලය, ගාල්ල ඕල්කට් විද්‍යාලය, මල්හාර්සුල්ලියා ජාතික පාසල, ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලය යන පාසල් මෙසේ වසා දැමීමට මුලින් තීන්දු කොට තිබූ අතර අනතුරුව සියලු පාසල් වසා දැමීමේ තීන්දුව ගෙන තිබේ.

අදාළ ග්‍රාම නිලධාරි වසම්වල කොරෝනා වසංගත තත්ත්වය පිළිබද සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන නිර්දේශ මත මෙකි පාසල් විවෘත කිරිම සම්බන්ධ තීන්දුවක් ඉදිරියේ ගන්නා බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ, උතුරු තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල කරනු ලැබූ පි.සි.ආර්. පරීක්ෂණ ලැබෙන තෙක් සිමා සහිත සංචරණ සිමා පනවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *