සංඝ විනය ගැන අපි බලා ගන්නම්…! ආණ්ඩුව භික්ෂූන්ට නීති දාන්න නොඑනු…! – ඇල්ලේ හිමි…

December 27, 2022 at 2:30 pm | by emanisa.lk

භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

විවිධ පනත් හරහා භික්ෂූන්ට අත තැබීමට ගන්නා උත්සාහය පරාජය කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“දැන් ඔය ගේන්න යන අධිකරණ පනතට අපි කැමති නැහැ. ආණ්ඩුව අපිට නීති දානවට කැමති නෑ.
අපිට ඕන තරම් නීතිරීති තියෙනවා. නමුත් මේ දාන්නෙ වෙන පොතක්. දැන් මොකක් හරි වුණොත් කතා කරන්න ඉස්සරහට එන්නේ අහිංසක හාමුදුරුවරු ටික.

ඒකත් කොටු කරල දාන්නයි මේ හදන්නේ.”

ගුණවංශ හිමියන් මෙසේ පැවසුවේ කෝට්ටේ නාග විහාරයේ පැවැති උත්සවයකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *