කැම්පස් භික්ෂූන් තාලිබාන්ලා වගේ…! – මිහින්තාලේ නායක හිමි..

December 19, 2022 at 2:26 pm | by emanisa.lk

මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති සහ පනත් සම්මත කර ගත යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එම විහාරස්ථානයේ ඊයේ (18) පැවති වැඩසටහනකදීය.

“අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි. සාමාන්‍ය පෙළ දෙපාරක් ලිව්වා නම්, එය අසමත් නම් ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන්න ඕනේ. උසස් පෙළත් එහෙමයි. දෙපාරක් ලිව්වහම ඇති. ඊට පස්සේ ඒ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනේ.

ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා තියෙනවා අවුරුදු 3 සහ 4. ඒ අවුරුදු ගණන ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැරවිය යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ.

අපේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් එහෙමයි. සහරාන් කියන පුද්ගලයා ලංකාවේ රැවුල වවාගෙන නේ ඒ මනුස්සයා මැරුණේ. සහරාන්ලා වගේ ගොඩක් සරසවි ශිෂ්‍යයෝ, රටේ මිනිස්සු, ත්‍රිවිල් එලවන අය රැවුල වවන්න පටන් ගත්තා.

ඒ වගේම අපේ සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ, ඒ වගේම සරසවිවල තියෙන කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන්ලා වගේ වැඩකරන්නේ. ලෙනින්ගේ න්‍යායට තමා ඒ අය වැඩ කරන්නේ.

බුදු හාමුදුරුවෝ නෙමෙයි ශාස්තූන් වහන්සේ. ඉතින් කොණ්ඩ, රැවුල වවාගෙන භික්ෂූන් වහන්සේලා අර ඉන්නේ. අර හාමුදුරුවෝ කෙනෙක් කියලා තියෙනවා මම දැක්කා මුදා නොගත් ප්‍රදේශයක් තමා වඩමාරච්චි කියලා. ඒ වගේලු සරසවිවල පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය, ඒ වගේම අනෙකුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය පීඨ.” 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස