අරක්කු ටිකක් සිගරට් එකක් බීම මහ ලොකු දෙයක් නෙමෙයි…! – භික්ෂු සභාපති හිමි…

December 25, 2022 at 9:31 am | by emanisa.lk

විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අරක්කු ටිකක් දුම්වැටියක් බීම මහා ලොකු දෙයක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමයේ සභාපති පූජ්‍ය උදේනිගම ගුණරතන හිමියෝ සඳහන් කරති.

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

භික්ෂු විශ්වවිද්‍යාලයේ හමු වූ මත්පැන් බෝතල් අලුත්ම බෝතල් බවත් ඒවා හමුවූයේ සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටවී ගියාට පසුව වීම පුදුම සහගත බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බණක් භාවනාවක් කරගෙන සිටිය යුතු යැයි සමාජයේ මතයක් වැරදි මතයක් නිර්මාණය වී ඇති බව ද ගුණරතන හිමි සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *