ශිෂ්‍යයගේ ඔළුවට ටයර් එකක් වැටුණේ අත්වැරදීමකින්! ඒකට මැදිහත් වෙන්න කාටවත් අයිතියක් නෑ! – අන්තරේ

March 10, 2020 at 8:19 am | by emanisa.lk

ටයරයක් හිස මතට අතහරිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුවෙකුට මරණාසන්න තුවාල ඇති කළ සිදුවීම අත්වැරදීමක් බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට අයිතියක් නැති බවය.

මෙම සිදුවීම නවකවධ සිද්ධියක් බවට හුවා දක්වන්නේ ආණ්ඩුව බවට ද එම සංගමය චෝදනා කරයි.

ටයරයක් වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති සිසුවාගේ තත්ත්වය බරපතල වන අතර ඔහු ජිවත් වන්නේ යන්ත්‍රයක ආධාරයෙනුයි.

මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙම අපරාධය කර ඇති බවට ඔහුගේ සොහොයුරා චෝදනා කරයි.

විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මනුෂ්‍ය ඝාතන ප්‍රයත්නය සාධාරණීකරණය කරන්නේ මෙසේයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස