තිරිසන් නවකවදයේ රෙදි ගැලවෙයි! සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලා වීඩියෝ ඉල්ලා තර්ජන!

February 8, 2020 at 10:20 am | by emanisa.lk

යාපනය සරසවියේ කිළිනොච්චි තාක්ෂණ මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට නිරුවතින් ඡායාරූප ලබා ගෙන තමන් වෙත ලබා දෙන්නයැයි අයුතු බලපෑම් කළ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

නවක වදය පමුණුවමින් මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුවියන්ට වැසිකිළි සහ නාන කාමර වෙත ගොස් නිරුවතින් වීඩියෝ ඇමතුම් ලබා දෙන ලෙස බලපෑම් කර ඇත.

මෙම සිසුන් පිරිස සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන බව සරසවි පාලන අධිකාරිය ප්‍රකාශ කරන අතර සිසුන් සම්බන්ධව විමර්ශන පවත්වා අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නාලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ද සරසවි පරිපාලනයට දැනුම් දී තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස