ම්ලෙච්ඡ නවකවධය තහනම් කිරීමෙන් නොනවතී! නවකවධය නිසා විශ්වවිද්‍යාල හැරගිය සැමට උපාධි!

January 16, 2020 at 9:54 am | by emanisa.lk

නවකවදය නිසා විශ්වවිද්‍යාලය හැරදමා ගිය විද්‍යාථීන්ට උපාධිය ලබා ගැනීමට අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා පනත් කෙටුම්පතක් ගෙන ඒමට සූදානම් වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (15) ඇමැති මණ්ඩලය තීරණ දැනුම් දීමේදි මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. නවක වදයට මුහුණදීමට නොහැකිව සරසවි අධ්‍යාපනය ලබානොගත් හා නවක වදයේ වින්දිතයන් බවට පත්වී උපාධිය ලබා ගැනීමට නොහැකි වූ අයට මෙ අවස්ථාව උදාවේ.

මේ බව දැනුවත් කරමින් මීළඟ සතියේදී පුවත්පත් දැන්වීම් පළ කරන බව කී ඇමැතිවරයා මුහුණ දුන් නවක වදයේ ස්වරූපය, විශ්වවිද්‍යාලය, ලබා ගැනීමට සූදානම් වූ උපාධි පාඨමාලාව ආදී තොරතුරු මේ සඳහා ඉදිරිපත් කළ යුතු බවද පැවසුවේය.

ඉදිරිපත් වන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා උපකුලපතිවරයා සහ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරෙන බවද කී ඇමැති බන්දුල ගුණවර්ධන සාධාරණ පරීක්ෂණයකින් පසු තමන් කැමැති විශ්වවිද්‍යාලයකට ඇතුළුවී උපාධිය ලබා ගැනීමේ අවස්ථාව වින්දිත සිසුවාට හිමිකර දෙන බවද කීවේය.

නවක වදයට මුහුණදීමට නොහැකිව විශ්වවිද්‍යාලය අතහැර ගිය සිසුන් දෙදහසක් පමණ සිටින බව පැවසේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *