කැලණි ශිෂ්‍ය සංගමය විප්ලවයට මුලපුරයි! CCTV කැමරා පද්ධතිය ගලවා විසිකරයි!

February 26, 2020 at 9:06 am | by emanisa.lk

කැලණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව වෙනුවෙන් සවිකර තිබූ CCTV පද්ධතිය ගලවා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වගකීම භාර ගනිමින් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ පින්තුර ද පළ කර ඇත්තේ එය විප්ලවයක් හා සමාන කරමිනි.

විශ්වවිද්‍යාලයේ දේපල හා සිසුන්ගේ ආරක්ෂාව විවිධ ස්ථානවල විශාල මුදලක් වියදම් කරමින් ඒවා සවි කරන ලද බව පාලනාධිකාරිය කියයි.

එහෙත් ශිෂ්‍ය සංගම් සඳහන් කරන්න එම කැමරා පද්ධති සවි කර ඇත්තේ සිසුන් මර්දනයට පරිපාලන විසින් භාවිත කිරීමට බවයි.

නවකවධයට පක්ෂපාතී ශිෂ්‍ය සංගම් දිගින් දිගටම මෙම කැමරා පද්ධති සවි කිරීමට විරුද්ධ විය. අදාළ කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමට සම්බන්ධ සිසු පිරිසක් දැනටමත් හඳුනා ගෙන ඇතැයි ද  වාර්තා වෙයි.

රට පුරා සිදු වූ බොහෝ අපරාධවල සුලමුල සොයා ගැනීමට cctv කැමරා පද්ධති මහෝපකාරී විය. කෙසේ වුවද විශ්වවිද්‍යාලවල සිදුවූ නවකවධය ඇතුළු බොහෝ අපරාධ නීතිය හමුවේ සනාථ කිරීමට එමගින් සහය ලබා ගැනීම මෙම විරෝධය නිසා නොහැකි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස