ශානක්කියන් රාජිත පාරේ ගොස් හොඳට ම ඇන ගනී…! ජිනීවා සමුළුවට ඇට වූ සුදු වෑන් බොරුව අතේ පත්තු වෙයි..!

February 20, 2022 at 9:07 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී ශානක්කියන් රාජපුතීරන් රසමානික්කම් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුදුවෑන් රියක් මගින් සිය පක්ෂයේ සාමාජිකයෙකු පැහැර ගැනීමට බුද්ධි අංශ උත්සාහ දරා ඇති බවට චෝදනා කර තිබිණි.

එම පුවත සම්බන්දයෙන් කල්මුණ දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වට්ටවිධාන පාර, කල්මුණ 2 ලිපිනයේ පදිංචි අරුල් නිදන්ෂන් යන අය විසින් 2022.02.17 වන දින සවස් කාලයේ පුද්ගලයන් පිරිසක් ඔහුට පහර දීමට තැත් කල බවට කල්මුණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල අනුව පැමිණිලිකරු සහ එම අවස්ථාවේ වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා වෑන් රථය සමග කල්මුණ පොලිස් ස්ථානයට කැඳවා ඇත. වෑන් රථයේ රියදුරු හා ඉදිරිපස අසුනේ පැමිණි පුද්ගලයන් මරදමුණ 02 ප්‍රදේශයේ පදිංචි යතුරුපැදි අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන දෙදෙනකු බවට අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමේ දී 2022.02.17 වන දින පෙරියනිලාවනි ප්‍රදේශයේදී අරුල් නිදන්ෂන් යන අය යතුරු පැදියකින් ගමන් කරමින් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී මෙම යතුරුපැදිය වෑන් රථයේ ගැටීම නිසාවෙන් බහින් බස් වීමක් සිදු වී ඇත. ඒ අනුව පැමිණිලිකරු විසින් කල්මුණේ පොලිස් ස්ථානය වෙත ගොස් තමාට පහර දීමට තැත් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම වෑන් රථය එම අවස්ථාවේ පදවා ගෙන ගිය පුද්ගලයාගේ පියාට අයත් ඔවුන් සතු වෑන් රථයක් බවත්, කිසිදු ආකාරයක බුද්ධි සේවයකට අයත් වෑන් රථයක් නොවන බවත්, එහි ගමන් කළ පුද්ගලයන් බුද්ධි නිලධාරීන් නොවන බවත් හා ඔවුන් සාමාන්‍ය ව්‍යපාරික පුද්ගලයන් බවත් විමර්ශනවල දී තහවුරු වී ඇත.

තව ද මෙම අවස්ථාවේ දී අරුල් නිදන්ෂන් කිසිදු ආකාරයක පැහැර ගැනීමකට ලක් වී නොමැති බවත්, බහින්බස් වීම නිසාවෙන් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවත් තහවුරු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස