වොයිස්කට් දීලා බොරු මයික් ටයිසන්ල වෙන්න හදන්න එපා….! කොළඹ හතේ ක්ලාස් එක ගැන විතරක් හිතල රට වහන්න බෑ…! – ජොන්ස්ටන්….

May 22, 2021 at 11:25 am | by emanisa.lk

ඇතැමුන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිතුමා කිසිවෙකුට ඇහුම්කන් නොදෙන බවට සහ ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණ නොගන්න බවට බොරු මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ මාධ්‍යය හමුවට ගොස් ප්‍රකාශ කිරීම නොව තමන් වෙත පැමිණ යෝජනා ඉදිරිපත් කරන ලෙස යැයි ද අමත්‍යවරයා සඳහන් කරයි.

”මම දැක්ක වෛද්‍ය සංගම කියනවා දවස 14ක් රට වහන්න ඕනේ කියල. ඒ වගේ ම අපේ සුදර්ශනී ඇමතිතුමියත් දොස්තර කෙනෙක් විදිහට ඉල්ලනවා දවස් 14ක් රට වහන්න ඕනේ කියල.

හැබැයි මේවා දිහා ජනාධිපතිවරයෙක් බලන්න ඕනේ. සියලුම දෙනා කියන ඒවා ක්‍රියාත්මක කරන්න නම් රටට ජනාධිපතිවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දවස් කිහිපය වහන්න අපි තීන්දු කරලා තියෙන්නේ.

කොළඹ හතේ මිල මුදල් තියෙන අය කියන දේවල දිහා බලල තීන්දු තීරණ ගන්නවා නම් ඒක බහුතරයක් ජනතාවට කරන අසාධාරණයක්. 60%-70%ක් එදිනෙදා රැකියාවක් කරලා ආදයමක් ගන්න අය තමයි මේ රටේ ඉන්නේ. ඒ නිසා පරිස්සමෙන් අපි තීන්දු තීරණ ගන්න ඕනේ.

එතකොට අපිට බලන්න පුළුවන් එන සුමානේ කොහොමද වෙන්නේ කියල. එහෙම බලල තීන්දු තීරණ ගමු. අපි මේකට බයවෙන්න හොඳ නැහැ. අපි මේකට මුහුණ දෙන්න ඕනේ. පලමු වෙනි රැල්ලට අපි මුහුණ දුන්නා, දෙවෙනි රැල්ලට මුහුණ දෙන්න බැරි වෙයි කියල කිව්වා. ඒකටත් මුහුණ දුන්නා.

අපි මේ තුන්වෙනි රැල්ලටත් මුහුණ දීලා ජයග්‍රාහී ලෙස රටක් හැටියට එළියට එමුයි කියන එක තමයි මගේ අදහස. ජනාධිපතිතුමා ඉල්ලුවේ මාධ්‍යයට ඇවිල්ල කතා කරන්න එපා, එන්න මම වෙලාව දෙන්නම් ඇවිල්ල යෝජනා කරන්න කියල. මාධ්‍යයට ගිහින් ජනතාවට කියල හරියන්නේ නැහැනේ රට ලොක්ඩවුන් කරන්න කියල.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස