තුන්වෙනි රැල්ල තවත් දරුණු අතට….! දෛනික ආසාදිතයින් 1600 ඉක්මවයි…! රට පුරා කොවිඩ් මරණ 11ක්….!

May 1, 2021 at 6:42 am | by emanisa.lk

ඊයේ (30) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 1636ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එය මේ දක්වා ලංකාවෙන් වාර්තා වූ වැඩි ම දෛනික ආසාදිතයින් ප්‍රමාණයයි. දෛනික ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වන අඛණ්ඩ 4 වන දිනයයි.

අද තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙය දිනක් තුළ වාර්තා වූ වැඩි ම මරණ ප්‍රමාණයයි.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 530ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 95,975ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *