කොරෝනා ජලයෙන් බෝ වන්නේ නෑ….! එය ශ්වසනයෙන් බෝ වන වෛරසයක්….! රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ….

February 9, 2021 at 2:08 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ජලය ඔස්සේ බෝ නොවන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

එය බෝ වන්නේ ශ්වසනය ඔස්සේ බව ද රාජ්‍ය ඇමැතිවරිය අවධාරණය කළා ය.

එහෙත් කිසියම් රෝහලක අපද්‍රව්‍ය අවට ඇළ දොළ වෙත ගලා යන්නේ නම් එමගින් වෙනත් විෂබීජ බෝ වීමේ අවධානමක් ඇතැයි ද ඇය ප්‍රකාශ කළා ය.

එහෙයින් අනුරාධපුර කැබිතිගොල්ලෑව නගරයේ රෝහල පිළිබඳ සොයා බලා එහි අපජලය කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ වැඩි දුරටත් සඳහන් කළා ය.

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන අදාළ රෝහලේ අපජලය අසල පාසලකට ගලා යාම පිළිබඳ අද (09) පාර්ලිමේන්තුවේ දී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවා ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *