කොවිඩ් තුන්වෙනි රැල්ල ඇති වුණේ ආණ්ඩුව ජනතාවට අවුරුදු කන්න ඉඩදුන් නිසයි…..! – අවුරුදු උලෙළක තෑගි බෙදමින් වජිර කියයි…

April 29, 2021 at 2:12 pm | by emanisa.lk

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගත් නිසා මේ වන විට කොරෝනා තුන්වෙනි රැල්ල රට පුරා පැතිරී ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

පසුගිය කාලයේ එක් කොරෝනා රෝගියෙක් හමු වූ විට රට වසා දැමූ ආණ්ඩුව රෝගීන් දහස් ගණනක් හමුවන විට රට වසා නොදැමූවේ මන්දැයි ප්‍රශ්න කළ වජිර අබේවර්ධන මේ අනුව පැහැදිලි වන්නේ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති මුල් පියවර හෝ එහෙමත් නැතිනම් දෙවැනි පියවර වැරදි සහගත බව යැයි ප්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මෙම අදහස් පළකළේ පසුගිය 25 දා, ගාල්ල රත්ගම ආසනයේ එජාප ක්‍රියාකාරීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවයේ තරඟ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස