වෛද්‍ය ෂාෆිගේ සැත්කමින් පසු දරුඵල අහිමි සිංහල මව්වරු 56ක් පැමිණිලි කරයි! තවත් පිරිසක් අද පැමිණිලි කිරීමට සූදානම්!

May 28, 2019 at 8:42 am | by admin

වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත.

පෙරේදා (26 වැනිදා) දිනයෙත් මවුවරුන් 6 දෙනකු කුරුණෑගල රෝහල වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබිණි. ඒ අනුව මේ වන විට වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ මවුවරුන් 55 දෙනකු කුරුණෑගල මහ රෝහල වෙත පැමිණිලි කර තිබේ.

මේ අතර වෛද්‍ය ෂාෆි විසින් තවත් මවුවරුන් පිරිසකට සිදුකළ සැත්කම් සහ වෛද්‍ය ප‍්‍රතිකාර නිසා විවිධ රෝගාබාධයන්ට ලක්වූ මවුවරුන් පිරිසක්ද කුරුණෑගල මහ රෝහල වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

මෙම වෛද්‍යවරයා කළ සැත්කම්වලින් සහ ප‍්‍රතිකාරවලින් දෑස් අන්ධවූ මවක් මෙන්ම මුත‍්‍රා ආබාධ සහ බඩවැල් කැපී යෑම නිසා දැඩි ලෙස රෝගා බාධවලට ලක්වූ සිංහල මවුවරුන් තිදෙනකුද ඒ පිළිබඳව රෝහල් බලධාරීන් වෙත පැමිණිලි කර තිබිණි.

මේ අතර වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ තවත් මවුවරුන් රාශියක් අද (28 වැනිදා) දිනයේද කුරුණෑගල රෝහල වෙත පැමිණ පැමිණිලි කරන බවද රෝහල් බලධාරීන් වෙත දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස