වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ අභාවය මහත් පාඩුවක්…! එතුමාගේ අඩුව පුරවන්න මම සූදානම්…! – ධම්මික බණ්ඩාර..

September 23, 2021 at 10:27 am | by emanisa.lk

පසුගිය සමයේ කොවිඩ් මර්දනය සඳහා පැණියක් නිෂ්පාදනය කිරීම නිසා මහත් ප්‍රසිද්ධියට පත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් තබන ලද ෆේස්බුක් සටහනකි.

රාජකීය වෛද්‍ය උපදේශකවරයකු වූ එලියන්ත ව‍යිට් මහතාගේ අභාවය පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.

එතුමා විසින් රටට සහ ලෝකයට කළ සේවය අත්මහත්ය. බොහෝ දෙනාගේ ජීවිතවලට සුවපත් භාවය ළඟා කරදී ඇත. එය එතුමා අත්පත් කරගත් මහා පුන්‍යකර්මයයි.

එතුමාගේ අහිමි වීම ශ්‍රීලංකාවට පමණක් නොව දෙස් විදෙස් රටවලටද මහත් පාඩුවකි. එතුමා විසින් ලෝකයක් සුවපත් කිරීමට ගත් උත්සහය සියල්ලට ම වඩා ඉහලින් ගෞරවයෙන් සනිටුහන්වනු ඇත.

එතුමාට අනන්‍ය වූ වෙද ශිල්පීය ක්‍රමයකින් එතුමා සේවය කළ අතර අප ද අපට අනන්‍ය වූ වෙද ශිල්පීය ක්‍රමයකින් ජනතාව සුවපත් කිරීමට උත්සහ දැරුවෙමු. එලියන්ත මහතාගේ අභාවය මිනිස් සමාජයට විශාල හිස්තැනක් ඇති කරවීය.

සුවපත් සමාජයක් බලාපොරොත්තුවෙන සියලු දෙනා වෙනුවෙන් ඒ අඩුව පිරවීමේ උතුම්වූ කාර්යභාරයේ වගකීම අපද නොපිරිහෙලා ඉටුකිරීමට සූදානම්ය.
ඒලියන්ත ව‍යිට් මහතාට නිවන් සුව අත්වේවා!
තෙරුවන් සරණයි!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *