කොවිඩ් පරදන කුණ්ඩලී ශක්තියේ බල බිඳෙයි…! ඒලියන්ත වයිට් කොවිඩ් වැළඳී රෝහලේ…!

September 8, 2021 at 10:36 pm | by emanisa.lk

වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

කෙසේ වුව ද පසුගිය සමයේ කුණ්ඩලී ශක්තියෙන් කොවිඩ් සුවපත් කරන බව ප්‍රකාශ කිරීම නිසා ඔහු මහත් ප්‍රසිද්ධියට පත්විය.

ඉන්දියාවේ කොවිඩ් පාලනය සඳහා ඉන්දියාවට එන ලෙස තමන්ට ආරාධනයක් ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

කුණ්ඩලී ශක්තියෙන් කොවිඩ් පාලනය සඳහා හිටපු සෞඛ්‍ය ඇමැතිනිය සහ තවත් ඇමැතිවරුන් පිරිසක් සමඟ ඔහු ගංගාවලට පැන් කලස් දැමීමක් ද එවක සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *