කොරෝනා මඩින්න ඒලියන්තගෙන් කුණ්ඩලී විශ්ව ශක්තිය! පැන් කළ හතරක් ගංගා සතරකට මුදාලයි!

November 2, 2020 at 10:16 am | by emanisa.lk

කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම අරමුණු කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ සතරක් ගංගා වෙත මුදා හැරීමට පියවර ගෙන තිබේ.

ඒලියන්ත වයිට් විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගඟට ද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගඟට ද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් එක් පැන් කළයක් රත්නපුරේ දී කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල විසින් එක් පැන් කළයක් කොළඹ දී කැලණී ගඟට ද මුදා හැරීමට පියවර ගෙන තිබේ.

ලංකාවේ මුල් කොරෝනා පොකුරු මතු වූ අවස්ථාවේ ද තමා විශ්ව ශක්තිය භාවිතයෙන් එම වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාර කළ බව ඒලියන්ත වයිට් මෙයට පෙර පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස