වෙන්නපුව OIC කසිප්පු පෙරන අහිංසකයෝ කුඩු චෝදනා දාලා හිරේ යවනවා…! මාරු කළේ ඒකයි…! – රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ ලිපිය බුකියට….

March 30, 2021 at 12:41 pm | by emanisa.lk

වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කළේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා සඳහන් කරයි.

අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ සහභාගි නොවන්නෙකු බවත් ඔහුට ලැබී තිබූ ස්ථාන මාරුව එසේම ක්‍රියාත්මක වීමට දේශපාලන අධිකාරිය විසින් තීරණය කළ බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු ඇමැති සරත් වීරසේකරට යවන ලද ලිපියක සඳහන් වන්නේ පසුගිය සමයේ මත්කුඩු ජාවාරමට අත්අඩංගුවට පත් පිරිස් දිගින් දිගට ම අභූත චෝදනා නගමින් බන්ධනාගාරගත කිරීමට මේ නිලධාරියා කටයුතු කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස