නීතියට වඩා මට ජනතාව ලොකුයි! මල්ලි අත්අඩංගුවට නොගැනීම පොලිසියේ වරදක්!! – සනත් නිශාන්ත

September 12, 2020 at 11:38 am | by emanisa.lk

තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බන සඳහන් කර ඇත.

ආනවිලුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය හේතුවෙන් තම සහෝදරයා සැඟවී සිටින බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

ඕනෑම මොහොතක තම සොහොයුරා පොලීසියට අවශ්‍ය නම් ඔහු නිවෙසේ සිටින බවත් එසේ සිටියදී අත්අඩංගුවට නොගෙන සිටී නම් එය පොලීසියේ වරද මිස තමන්ගේ වරදක් නොවන බවත් හෙතෙම සඳහන් කර ඇත.

කෙසේ වෙතත් තමන්ගේ නම සම්බන්ධ කරමින් ප්‍රචාරය වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඔහු වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස