ආනවිලුන්දාවේ විනාශයට මගේ සම්බන්ධයක් නෑ! – සනත් නිශාන්ත

August 31, 2020 at 12:19 pm | by emanisa.lk

ආනවිලුන්දාව රම්සා තෙත් බිමේ කොටසක් ඉස්සන් කොටු ඉදිකිරීම සඳහා විනාශ කිරීමට තමාගේ කිසිම සම්බන්ධයක් නැතැයි අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

මෙම සිද්ධියට තමන් වචනයකින් හෝ සම්බන්ධ යැයි සනාථ වුවහොත් ඕනෑම දඬුවමකට යටත් වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම විනාශය සම්බන්ධයෙන් අදාළ ඩෝසර් රථ රියදුරු ද ඔහුගෙන් ලද තොරතුරු අනුව ඊට සම්බන්ධ ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වුව ද මෙම කටයුත්ත පිටුපස ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා සිටින බවට සහ ඔහු අඅත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක බව ද වාර්තා විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස