රට අරාජික කළ ආණ්ඩුව පළවා හරින්න ජවිපෙ වීදි බසී!

June 30, 2019 at 10:14 am | by emanisa.lk

රට අරාජික කළ ආණ්ඩුව පළවා හරින ‘වීදි බසින පාද සටන’ නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන විරෝධතා පෙළපාළිය හා රැලිය ජූලි 7 හා 8 යන දෙදින පැවැත්වේ.

කළුතරින් 7 වැනිදා ආරම්භ වන පෙළපාළියේ එදින මොරටුවේදී අවසන් කර පසුදින එතැන් සිට නුගේගොඩ දක්වා පැමිණ විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුමේ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ආණ්ඩුවට එරෙහිව එම පක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජූලි 10 හා 11 දින විවාදයට ගැනීමට සූදානම් අතර ඊට සමගාමීව මෙම විරෝධතා පෙළපාළිය සංවිධානය කර ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට සහ පවත්වා ගෙන යාමට ජවිපෙ පසුගිය සමයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කළ පක්ෂයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස