විස්ස සම්මත වීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වුණා! – ජවිපෙ

October 24, 2020 at 10:26 am | by emanisa.lk

ඡන්ද 156කින් සම්මත වූ 20 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ පණ මුළුමනින්ම නැතිවන බවත් එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (23) පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ය.

පසුගිය කාලය පුරා ඒකාධිපති බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඇතිවන පීඩනය කොයි වගේ ද යන්න ජනතාව දුටු බවත් 20 වැනි සංශෝධනයේ ඇත්ත හරය යටපත් කර ද්විත්ව පුරවැසිකම හා වෙනත් අතුරු කාරණාවලට වැඩි අවධානයක් යොමුකළ බවත් පැවසූ හෙතෙම පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය, අධිකරණය යන සියලු දේවල් තනි බලයකට යට වීමත් කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රූකඩ බවට පත්වීමත් සිදුවන බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස