විශ්වාභංගේ ඉදිරිපත් කරන දිහා බලලා තීන්දුවක් ගන්නවා! – TNA

July 11, 2019 at 11:13 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන්නේද එසේත් නැතිනම් පක්‍ෂපාතීත්වය දක්වන්නේද යන්න පිළිබඳව පෙරේදා (9දා) පාර්ලිමේන්තුව තුළ පැවැති සාකච්ඡාවේදී ස්ථිර තීරණයකට නොපැමිණි බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශ‍්‍රීධරන් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡුාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර එහිදී ගන්නා ලද තීරණ මොනවා දැයි විමසු අවස්ථාවේදී ශී‍්‍රධරන් මන්ත‍්‍රීවරයා එසේ කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් එම විශ්වාසභංග යෝජනාව 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආකාරය දෙස බලා ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය කථිකා කරගත් බවද ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස