වඳ දොස්තර නිදහස් වෙලා අම්මලා ටිකයි පොලිස් නිලධාරියයි හිරේ යයි වගේ! – විමල් විරවංශ (video)

May 28, 2019 at 10:36 pm | by admin

ගබ්සා කිරීම් ගැන චෝදනා එල්ල වු වෛද්‍යවරයා නිදොස් වී අගතියට පත් මව්වරුන් සහ අපරාධකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සිරගත වීමේ වතාවරණයක් පැන නැගී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (28) පෙරවරුවේ මහනුවරට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හා පක්ෂ සාමාජිකයින් ප්‍රථමයෙන් ඓතිහාසික දළදා මාළිගය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මෙම අදහස් පළ කළේය.

ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය නිසා බදියුදීන්ට ආණ්ඩුව සමග කේවල් කිරීමේ බලයක් ලැබී ඇති බවත් මේ නිසා බදියුදීන්ගේ විශ්වාසභංගයට පක්ෂ වීමට මැලිවන බවත් පැවසූ විමල් වීරවංශ බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට එජාප මන්ත්‍රීවරු පක්ෂ වන්නේ නම් ජවිපෙ විශ්වාසභංගය නිෂ්ක්‍රීය කිරීමට සූදානම් බව ද මල්වතු මහනාහිමි බැහැදැක ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස