හිටපු අමාත්‍ය විමල් වීරවංශ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී ඔහුගේ ගුණ වර්ණනා කර තිබේ.
මෙම හමුව සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා පාර්ලිමේන්තු ආපනශාලාවෙහිය.
එහි අසුනක වාඩි වී හිටපු ජනාධිපතිවරයා තේ පානය කරන විට විමල් ඒ අසලට පැමිණ මෙසේ පවසා තිබේ.
“මම මේ පොඩ්ඩක් ආණ්ඩුවෙන් එළියට ගියා. ඒ කාලේ අනික් අය කී කතා මම නෙ දන්නේ. ඔබතුමාගේ අගය එළියේ ඉන්න අයට තේරෙන්නේ නෑ.”
මෙම ප්‍රකාශය සුපුරුදු සිනාවෙන් භාරගත් මහින්ද ඒ අසල සිටි සෙසු මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ විමල් නැවතත් අපේ පැත්තට කරණමක් ගසන්න වගේ කියාය.
එදින පාර්ලිමේන්තුවේ දී හදිසි නීතියට පක්ෂව විමල් උද්වේගකර කතාවක් පවත්වද්දී මහින්ද අසල සිටි මන්ත්‍රීවරුන්ට “මම හූනා කිව්වා වගේ කිව්වේ නැද්දැයි” පවසා තිබේ.