විපක්ෂයේ සියලු චෝදනා බොරුවෙයි! ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළත් ආසාදිතයන් වාර්තා කිරීමත් නිවැරදි බව WHO කියයි

May 10, 2020 at 6:09 pm | by emanisa.lk

කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ආසාදිතයන් හමු වූ සහ ඇසුරු කළ, නිරාවරණය වූ පිරිස් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරැදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම කාර්යාලය පෙන්වාදෙයි.

‘කොවිඩ්-19’ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් පරීක්ෂා වැඩි කිරීමෙන් තවදුරටත් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමත් ඒවා නිවැරැදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණු බව ද එම කාර්යාලය සඳහන් කරයි.

කෙසේ නමුත් ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්යමණ්ඩල සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය පෙන්වාදෙයි.

ඔවුන්ට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලබාදිය යුතු බවත් හදිසියේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වුවහොත් ඔවුන්ට ලබාදීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ වෙන් කර තැබීම සුරක්ෂිත කළ යුතු බවත් එම කාර්යලය තවදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස