කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වහාම මාරු කර හරී! වැඩබලන්න වෛද්‍ය චන්දන කැඳන්ගමුව!

May 8, 2020 at 1:04 pm | by emanisa.lk

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.

අදාළ ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාය.

වෛද්‍ය වීරබණ්ඩාර කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.

රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා සිදුකළ අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස