විදෙස් ණය අරන් ආරම්භ කළ ව්‍යාපෘති 800ක් ඇනහිටල…! බිලියන 4.5ක ණය වාරික සහ සේවක වැටුප් ගෙව්වට ජනතාවට සෙතක් නෑ….! – ජනපති….

January 8, 2021 at 8:25 am | by emanisa.lk

විදේශ ආධාර සහ අය-වැය යෝජනා මත විවිධ කාලවලදී විවිධ ආණ්ඩු ආරම්භ කළ ව්‍යාපෘති 800කට වැඩි ප්‍රමාණයක කටයුතු මේ වන විට අතරමඟ නතර වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහනට අරලියගහ මන්දිරයේදී ඊයේ (07) එක් වෙමින් ප්‍රකාශ කළේය.

විවිධ ව්‍යාපෘති සඳහා ණයට ගත් මුදල් වෙනුවෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය වාරික ගෙවීමට සිදුව ඇති නමුත් මෙසේ අතරමඟ නතරවී ඇති ව්‍යාපෘති නිසා බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මෙවැනි ව්‍යාපෘතිවලට වෙන් කළ මුදල් එසේම තිබෙන අතරම ඒවායේ සේවයේ නියුතු නිලධාරීන්ට වැටුප් සහ ව්‍යාපෘතිවල ණය වාරික ගෙවීමටත් සිදුව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ යුතුකමක් බවත් පැවසීය.

රාජ්‍ය නිලධාරීන් තමන්ට පැවරී ඇති රාජකාරි ඉටු කිරීමේදී ජනතාවගේ පැත්තෙනුත් බලා තීන්දු ගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා හැකි සෑම විටම ගමට ගොස් ජනතාවගේ ප්‍රශ්න අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්නැයි උපදෙස් දුන්නේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස