විගීගේ බෙදුම්වාදී ප්‍රකාශය හෑන්ඩ්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න! – මනූෂ

August 21, 2020 at 6:19 pm | by emanisa.lk

නව වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. වී. විග්නේෂ්වරන් ඊයේ (20) සිදුකළ ප‍්‍රකාශයට අද (21) විපක්ෂයෙන් විරෝධයක් එල්ල විය. 

විපක්ෂය නියෝජනය කරමින් සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර පැවසුවේර සී. වී. විග්නේෂ්වරන් ඊයේ සිදුකළ ප‍්‍රකාශය වහාම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන බව මන්තී‍්‍රවරයාගේ යෝජනාවට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප‍්‍රකාශ කළේය.

“අපි දිවුරුම් දෙනකොට මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ සඳහා අනියමින් හෝ ආධාර අනුබලදීම අපි සිදු කරන්නේ නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ අපි දිවුරුවා.

නමුත් මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකික ලෙස ජනතාව පිළිගන්න තැනට රටම ඇවිත් තියෙන වෙලාවේ දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව සහ නිජභූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට ඊයේ විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කළා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස