ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව 78 සිට මේ රටට විශාල හානියක් කර ඇති බවත් විකාර සංශෝධන 19ක් සිදුකර ඇති බවත් දිනේෂ් ගුණවර්ධන පවසයි.
අවසාන සංශෝධනය වන 19 වෙනි ව්‍යවස්ථාවෙන් මුළු රටටම දැවැන්ත හානියක් සිදු වී මුළු ලංකාවම අරාජික වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම රටම ඉල්ලා සිටින දෙයක් බවත් ඒ සඳහා තමන් පියවර ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ හෝ බලයේ සිටීම උදෙසා ගෙන ආ අවුරුදු හතරහමාරේ සංශෝධන වැනි දේ මිස එහි ගතයුතු දෙයක් නැතැයි ද ඔහු අවධාරණය කළේය.
කිසිදු ක්‍රමයක් හැමදාම නොපවතින බවත් එය රටේ සංවර්ධනය සහ ඉදිරි ගමන සඳහා වෙනස් විය යුතු බවත් පළාත් සභා ක්රමයේ ද යම් යම් සංශෝධන සිදුවන්නේ නම් රටට හොඳ බවත් දිනේෂ් ගුණවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කළේය.