වරාය වර්ජනයට පදනමක් නෑ! වර්ජකයන්ට මා බිය කරන්නත් බෑ! – ජනපති

August 1, 2020 at 11:36 pm | by emanisa.lk

බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිධාරීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස ලබාදෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා අද (01) බදුල්ල දිස්ති‍්‍රක්කයේ චාරිකාවක නිරත වූ ජනා‎ධිපති ගෝඨාභය රාජපක්ෂ මහියංගණය මහවැලි ක‍්‍රීඩාංගණයේ පැවති ජන හමුවකදී මෙම අදහස් පළ කළේය.

කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ‍්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බවත්, තමා බිය කිරීමට ඔවුන්ට නොහැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස