වරාය නගරේ චීන කොලනියක්…! ලාංකිකයෙකුට එක රැකියාවක් ලැබෙන්නේ නෑ…! පනතට එරෙහි පෙත්සම් ගැහුවේ නියම දේශප්‍රේමියෝ….! – දඹර අමිල හිමි….

April 26, 2021 at 10:16 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පසු ඉටුවිය යුතු සියලු යුතුකම් පහුගිය යහපාලන ආණ්ඩුව සිදුකළ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ දඹර අමිල හිමි පවසයි.

පල්ලි ප්‍රතිසංස්කරණය, වින්දිතයින්ට වන්දි ලබා දීම, ප්‍රහාරයට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම එම ආණ්ඩුව සිදුකළ බව එහිමියන් පෙන්වා දෙති.

20 වන සංශෝධනය නිසා කිසිදු ආයෝජකයෙකු වරාය නගරයට නොඑන බවත් ලාංකිකයෙකුට එකදු රැකියාවක් හෝ නොලැබෙන බවත් අමිල හිමි අවධාරණය කරයි.

වරාය නගරය නිසා හැදෙන්නේ චීන කොලනියක් බවත් චීනුන්ට වඩා ප්‍රභාරකරන් හොඳ බවත් උන් වහන්සේ පවසති.

වරාය නගර පනතට එරෙහිව පෙත්සම් විසි ගණනක් ඉදිරිපත් වීමෙන් මේ රටේ දේශප්‍රේමි ජනතාවක් සිටින බව සනාථ වූ බවත් එහිමියෝ පවසති.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයේ තබාගෙන ජෙනරාල් ෆොන්සේකා කොටි පරාද කළේ කෙසේ දැයි සිතාගත නොහැකි බව සඳහන් කරන අමිල හිමි ගෝඨාභය අසාර්ථක පුද්ගලයෙකු බවත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස