වරාය පනතින් 13 උල්ලංඝනය වෙනවා…! 13 වෙනි සංශෝධනය රකින්න ජවිපෙ අධිකරණයට….!

April 19, 2021 at 11:27 pm | by emanisa.lk

යෝජිත කොළඹ වරාය නගර පනත් කෙටුම්පත මගින් කොළඹ නගර සභාවට වරාය නගර භූමිය ඇති නීතිමය හිමිකම අහිමි කර ඇති ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය උල්ලංඝනය කර ඇති බවත් එ් නිසා වරාය නගර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකරන බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන සඳහන් කළේ ය.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ වසන්ත සමරසිංහ ගොනුකළ පෙත්සම පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ජවිපෙ නීතීඥවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ඉන්දියාව බලහත්කාරයෙන් අප මත පැට වූ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස එකල විරුද්ධ වූ අතර සිය සුප්‍රකට පන්ති පහෙන් එකක් වූයේ ද ඉන්දියානු ව්‍යාප්තවාදයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *