කොළඹ වරාය කෙටුම්පතින් වරාය නගරය වෙනම රාජ්‍යයක් වෙනවා…! – ඒකීය ශ්‍රී ලංකාව රකින්න සුමන්දිරන් අධිකරණයට…

April 19, 2021 at 9:21 pm | by emanisa.lk

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය වෙනම ස්වාධීන රාජ්‍යයක තත්ත්වයට පත්කර ඇතැයි ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් පවසයි.

මෙම පනතෙහි අන්තර්ගත නීති බොහොමයක් රටේ නීති අභිබවා යන තත්ත්වයක් පෙන්නුම් කරන බව ද නීතීඥවරයා සඳහන් කළේ ය.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ දී අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වමින් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ විසින් වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එම්.ඒ. සුමන්දිරන් පසුගිය සමයේ MCC ගිවිසුම, ETCA ගිවිසුම, කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට පක්ෂ වූ අතර උතුරේ ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින්නෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *