වරාය නගර පනතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්….!

April 16, 2021 at 7:12 am | by emanisa.lk

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම ලබන 19 දා විභාගයට ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *