ඊයේ දිනයේ (12) රාමාඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී හිමි අමරපුර නිකායේ ලේඛකාධිකාරී හිමි සමග එක්ව 20 වන සංශෝධනයට විරෝධය පළ කරමින් නිකුත් කළ නිවේදනය පිළිබඳ තමන් කිසිවක් නො දන්නා බව ශී ලංකා රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාමිහියෝ පවසති.
අද (13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එහිමියන් මේ බව ප්‍රකාශ කළහ. සිය නිකායේ මතය පිළිබඳ ප්‍රකාශයක් සිදු කරන්නේ නම් තමන් වහන්සේ හෝ ඊළඟට සිය නිකායේ නායකත්වය දරන ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ දැනුම්වත් විය යුතු බව ප්‍රේමසිරි නාහිමි අවධාරණය කරති.
මේ ආකාරයට ප්‍රකාශ නිකුත් කරන ලේකම් හිමිවරුන් මෙන් ම සෙසු ලෝකය ද එය අවබෝධ කරගත යුතු බව නායක හිමි පෙන්වා දුන්නේය.
20 වන සංශෝධනයට එරෙහිව සිය නිකායේ මතය ලෙස ප්‍රකාශ නිකුත් කිරීමට එම හිමිවරුන්ට බලයක් නොමැති බවත් එහෙයින් එම ප්‍රකාශ කිසිවකු භාරනොගත යුතු බවත් නාපානේ ප්‍රේමසිරි හිමියෝ අවධාරණය කළහ.
දේශපාලනය සිය කටයුත්තක් නොවන බවත් දේශපාලනය අයෝග්‍ය නිසා නිකායේ කතිකාවතට ගරු කරමින් සිය නිකායේ භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු බව ද එහිමියන් අවධාරණය කළහ.