ලිට්‍රෝ සමාගමේ දෛනික පාඩුව රු. ලක්ෂ 800යි…! නුදුරේ දී ම බංකොලොත් වන ලකුණු….!

September 22, 2021 at 7:15 pm | by emanisa.lk

ඉතා නුදුරේදීම ලිට්‍රෝ සමාගමට ද ණය මත යැපෙන සමාගමක් බවට පත්වීමට සිදුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයවර්ධන පවසයි.

ලාභ ලබමින් තිබූ සමාගමක්, ආණ්ඩුවට ආදායම් සැපයූ සමාගමක් එවැනි තත්ත්වයකට පත්වනතුරු බලා සිටිය නොහැකි බව ද සභාපතිවරයා අවධාරණය කරයි.

මෙවැනි ඉරණමක් ලිට්‍රෝ සමාගමට අත්ව තිබෙන්නේ දැවැන්ත පාඩුවක් ලබමින් අඩු මිලට ගෑස් අලෙවි කිරීමට සිදුවීම නිසාය.

සභාපතිවරයා පෙන්වා දෙන පරිදි ලිට්‍රෝ සමාගමේ දිනක පාඩුව රුපියල් ලක්ෂ 800 කි. මෙම වසර තුළ දී පමණක් ලිට්‍රෝ සමාගමේ සංචිතයේ තිබූ රුපියල් බිලියන 10 ක් පමණ අහිමි වී ඇති බව ද ඔහු පවසයි.

මේ වන විට දේශීය වෙළඳපොළේ ක්‍රියාත්මක වන මිල ගණන් තීරණය වී තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 368ක් ලෙස තිබිය දී වන අතර වර්තමානයේදී ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 665කි. එම මිල ලබන මාසය වන විට ඩොලර් 740ක් දක්වා ඉහළ යනු ඇති බවද ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස