ලිච්ඡවී රජ දරුවෝ අද හිටියා නම් රනිල්ගේ කතාව අහලා දිවි නසාගන්නවා! – ජනපති (video)

June 19, 2019 at 7:58 am | by emanisa.lk

මිහින්තලය ප්‍රදේශයේ සංචාරය කළ ආණ්ඩුවේ ලොකු මහත්මයකු මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කටයුතු කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුව යැයි සිදු කළ ප්‍රකාශය අසා එම රජ දරුවන් අද ජීවත් වී සිටියේ නම් සිය දිවි නසා ගනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබුණේ නම් හොඳ බව පැවසූ ජනාධිපතිවරයා වර්තමාන ලෝකයේ කිසිම තැනක එවැනින රාජ්‍ය පාලනයක් නොමැති බව සඳහන් කළේය.

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍යයෙහි ධාතු නිදන් කිරීමේ උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස