ලංකාවේ 10 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි!

May 25, 2020 at 5:35 pm | by emanisa.lk

මෙරට දසවන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවකි.

ඈ කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.

අදාළ කාන්තාව හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස