ලංකාවෙි ඇඹුල් කෙසෙල් ජාත්‍යන්තර වෙළෙඳපොළට..! අක්කර 15 000ක කාබනික කෙසෙල් වගාවක්…!

April 4, 2021 at 6:11 pm | by emanisa.lk

අනුරාධපුර රාජාංගනය යාය එකේ සිට යාය පහ දක්වා අපනයන වෙළඳපොල වෙනුවෙන් නිෂ්පාදනය කරන ඇඹුල් කෙසෙල් වගාව අද මා නිරික්ෂණය කළා.

ගොවින් 700ක සහභාගීත්වයෙන් අක්කර 1500ක මෙම කාබනික කෙසෙල් වගාව සිදු කරනවා.ඇඹුල් කෙසෙල් සදහා විදෙස් වෙළදපොළ තුළ පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

දැනට මෙරට පලතුරු අපනයනයෙන් ලැබෙන විදෙස් විනිමය ඇමරිකා ඩොලර් මිලියන 80ක්. එය ඇමරිකා ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවිම රජයේ ඉලක්කයයි.ඒ සදහා මෙම ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියේ නිෂ්පාදන අපනයන කිරිමෙන් ලැබෙන විදේශ විනිමයද එක්කිරිමට පියවර ගනු ලබනවා. අඹ, අන්නාසි ,කෙසෙල් යන පලතුරු වර්ග තුනම මේ වනවිටත් විදෙස් වෙළද පොළට මෙරටින් අපනයනය කරනවා.

දැනට මෙරට 70% ක් ගොවින් වගා කරන්නේ ඇඹුල් කෙසෙල්. අලවි වැඩිවිම,රොගාබාද අඩුවිම ආදිය මෙම ප්‍රවනතාවයට හේතුවයි. පළමු අදියරට කෘෂි උපකරණ ඇතුළු අවශ්‍ය පහසුකම් සදහා එක් ගොවියෙකුට රුපියල් 60000 මුදලක් රජයෙන් ලබාදෙනවා. අනෙකුත් යටිතල පහසුකම්,කෘෂි මාර්ග ඇතුළු සියලු පහසුකම් සපයමින් නිෂ්පාදන අපනයන වෙළදපොලට අලවි දක්වා අංග සමිපුර්නව ගොවියා මෙහෙයවිම ⁣රජය සිදුකරනවා.

කෙසෙල් ගොවින්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා නිසි කලට වේලාවට පොහොර ලබාදෙන ලෙසත් කෙසෙල් ගොවින්ට කෘෂි රක්ෂණ ක්‍රමයක් හදුන්වාදෙන ලෙසටත් මා මෙහිදි උපදේස් දුන්නා.

මෙම ව්‍යාපෘතියේ නිෂ්පාදන මෙම මස අවසන් සතියේ සිට සිංගප්පූරුව ඇතුළු විදේශ වෙළදපොලට අපනයනය කිරිම සිදුකේරේනවා.විදේශ විනිමය රටට ලැබෙන ඉතා ඵලදායි ව්‍යාපෘතියක් ලෙස මෙය සැලකිය හැකියි.

එසෙම පලතුරු ප්‍රවාහනය බහාලුමිවල මුහුදු මාර්ගයේන් ප්‍රවාහනයද ආරම්භ වන්නේ මෙම ව්‍යාපෘතිය මගින් විමද විශේෂත්වයක්. සතිපතා මෙම නිෂ්පාදන එතැන් සිට බහාලුමි මගින් අපනයනය කිරිමට නියමිතයි.

කෘෂිකර්ම නවිකරණ ව්‍යාපෘතිය (ASMP ) අපනයන වෙළදපොල ඉලක්ක කොට ක්‍රියාත්මක මෙම දැවැන්ත ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියට ප්‍රතිපාදන හා මෙහෙයවිම සිදුකරන්නේ. ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය නිරික්ෂණයට එක්වු මා ගොවිජනතාව මුණගැසි ඔවුන්ගෙ ගැටළු ද සාකච්ඡා කළා. එහිදි එම ප්‍රශ්න ප්‍රයොගිකව විසදිමට මා පියවර ගත්තා.

අමාත්‍ය එස්.එමි චන්ද්‍රසේන මැතිතුමා ,කෘෂිකර්ම නවිකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අචාර්ය රොහාන් විජේකොන් මහතා ඇතුළු නිලධාරීන් ද මෙම නිරික්ෂණයට එක්වුනා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස