රුසියාව කොවිඩ් එන්නත්කරණය උඩුයටිකුරු කරයි…! කොවිඩ් පරදන්න සුපිරි ස්පුට්නික් එන්නතේ එක මාත්‍රාවකට පුළුවන්…! – විද්‍යාඥයෝ දැනුම් දෙති…..

June 2, 2021 at 8:01 am | by emanisa.lk

ස්පුට්නික් V එන්නතේ එක් මාත‍්‍රාවක් පමණක් ලබා ගැනීම වුවත් සෑහෙන බව රුසියාවේ ගමාලියා පර්යේෂණ ආයතනය විසින් මෙරට බලධාරීන්ට දැනුම් දී ඇත.

රුසියාවේ ගමාලියා පර්යේෂණ ආයතනයේ බලධාරීන් හා මෙරට ඖෂධ නියාමන අධිකාරිය අතර පැවැති අන්තර්ජාල සාකච්ඡාවක දී මේ කරුණු අනාවරණය වී ඇත. මෙම එන්නත නිපදවනු ලැබුවේ දවස් 28 ඇතුළත මාත‍්‍රා දෙකක් ලබා දීම සඳහාය. නමුත් පසුව කළ පරීක්ෂණවල දී එක් මාත‍්‍රාවක් පවා කොරෝනාවෙන් වැළකීමට සෑහෙන බව හෙළිව තිබේ.

රුසියානු බලධාරීන් ප‍්‍රකාශ කරන්නේ ස්පුට්නික් V හි පළමු මාත‍්‍රාව මගින් සියයට 70-80 ක් අතර ප‍්‍රතිශක්තිකරණයක් ජනනය කරනු ලබන බවයි. පළමු මාත‍්‍රාවෙන් පසුව දෙවැනි මාත‍්‍රාව ලබා දීම දින 28 කින් නොව දින 90 ක් දක්වා ප‍්‍රමාද කළ හැකි බවත් ඔවුහු දැන් ප‍්‍රකාශ කරති.

කෙසේ නමුත් මෙම එන්නතේ එක් මාත‍්‍රාවක් පමණක් ලබා දීම ගැන මෙතෙක් අවසාන තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස