කොවිඩ් මඩින්න ස්පුට්නික් එන්නත ළඟඳිම…! සිනොපාම් එන්නතට අනුමැතිය සූදානම්…!

April 25, 2021 at 10:44 am | by emanisa.lk

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එම එන්නත් තොග ලැබුණු වහාම එන්නත්කරණ වැඩපිළිවෙළේ දෙවැනි අදියර අරඹන බව ද ඔහු කීය.

මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොපාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා ඉදිරි සති දෙකේදී අනුමත කරනු ඇති බවත් එසේ අනුමත කළ වහාම එම එන්නත ද මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ජයසුමන පැවසුවේය.

සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් දැනට මෙරට ට ලැබී ඇති බවත් මෙරට සිටින චීන ජාතිකයන් හාරදහසකට එම එන්නත ලබා දී ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි කී රාජ්‍ය ඇමැතිවරයා එම තත්ත්වය පාලනය සඳහා සියලු සම්පත් යොදවා තිබෙන බව ද ප්‍රකාශ කළේය.

රජයේ එම වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහාචාර්ය චන්න ජයසුමන කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස