කොවිඩ් විපත සැපතට පෙරළන්න චීන රුසියානු මිතුරෝ ලංකාවට…! ශ්‍රී ලංකාවට සයිනොෆාම් ස්පුට්නික් එන්නත් නිෂ්පාදනාගාර දෙකක්….!

May 12, 2021 at 8:42 am | by emanisa.lk

කොවිඩ් වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මේ වන විටත් චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග ලංකා රජය සාකච්ඡා කරමින් සිටියි.

ඒ අනුව එම රටවල් දෙකෙහි එන්නත් නිෂ්පාදන සමාගම් තම තාක්ෂණික දැනුම මෙරට ඖෂධ නිෂ්පාදන ආයතන වෙත ලබා දී මෙරට ආයෝජනය කිරීම පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථාන නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාව පළකර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ එන්නත් අවශ්‍යතා සම්පූර්ණ කළ පසු මෙම නිෂ්පාදනගාරවල නිපදවන එන්නත් විදෙස් වෙළෙඳපොළට යොමු කිරීමේ හැකියාව ද පවතින අතර එය රටට මහත් ඵලදායි අයෝජනයක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *