මාස තුනෙන් කොරෝනා වසංගතයෙන් රට මුදා ගන්නවා…! – ඇමැති චන්න….

February 5, 2021 at 9:18 am | by emanisa.lk

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ඉදිරි මාස 03 තුළ කොවිඩ් –19 රෝගයෙන් රටට නිදහස ලබාදීමට රජය කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් එක්ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසකට මේ වන විට එන්නත් ලබාදී අවසන් කර තිබේ.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 180ක ඇනවුමක් ලබා දුන්නා. අපි හිතනවා මිලියන 15කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත සමස්ත වශයෙන් ලබා දිය යුතුයි කියලා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම මිලියන 15න් 20%කට පමණ එන්නත ලබා දීමට කැමැත්ත පලකරලා තියෙනවා.

රුසියානු ස්පුට්නික් එන්නතට ඉදිරි දින කිහිපයෙ දී ලංකාවේ ලියාපදිංචිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.”‍

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *