රුවන් නි. නායක වෙද්දී අකිලට එජාප මහ ලේකම් ධුරය එපා වෙයි!

September 18, 2020 at 11:01 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට නව මහ ලේකම්වරයෙකු පත් කරගන්නා ලෙස තමා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

පක්‍ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානය කිරීමට ගෙන ඇති තීරණය අනුව මහලේකම් ධුරයටද අලූත් පුද්ගලයන් පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියේය.

සිරිකොතේ දී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වූ අකිල පසුගිය සමයේ රනිල් සමග යම් හිත් නොහොඳ කමකින් සිටින බව ද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස