රුපියල් බිලියන 374ක වත්කම් සහිත සමූපකාර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනයටත් ඇමති බදියුදීන් සූදානම්!

May 29, 2019 at 3:35 pm | by admin

සමූපාකාර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වර්තමානය වන විට දිවයින පුරා සමූපකාර ග්‍රාමීය බැංකු 2269ක්, සමූපකාර ග්‍රාමීය බැංකු සංගම් 17ක් හා මූල්‍ය සේවා සමූපකාර සමිති 8004ක් ක්‍රියාත්මකව පවතියි. එමෙන්ම සමූපකාර ග්‍රාමිය බැංකු පද්ධතිය මඟින් රුපියල් බිලයන 115ක් පමණ සාමාජික හා සාමාජික නොවන තැන්පත් රැස්කර තිබේ. එසේම රුපියල් බිලියන 59.8ක් පමණ මුළු ණය ලෙස නිකුත් කර තිබේ.

එයට අමතරව අනෙකුත් මූල්‍ය සේවා සමූපකාර සමිති විසින් රුපියල් බිලියන 104ක පමණ මුදලක් තැන්පතු ලෙස රැස්කර ඇති අතර රුපියල් බිලියන 95ක පමණ මුදලක් ණය ලෙස නිකුත් කර තිබේ.

සමූපකාර ව්‍යාපාරය මෙලෙස මූල්‍යමය වශයෙන් ශක්තිමත් වුවද ඇතැම් මූල්‍ය සේවා සමූපකාර සමිතිවල දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ප්‍රාග්ධන අලාභවලට මුහුණදීමට සිදුව ඇති බව හා අරමුදල් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට නිරීක්ෂණ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස