පසුගිය පාස්කු ප්රහාරයට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ තම සොහොයුරා වන රියාද් බදියුදීන් සම්බන්ධ පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන්ට පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් බලපෑම් කළ ආකාරය හඬ පටයක අඩංගු තොරතුරු මගින් හෙළි වී තිබේ.
රියාද් බදියුදීන් පිළිබඳ පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන්ට රිෂාඩ් බදියුදීන් දිනපතා කතා කර ඇති බවත් අමතරව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමු වී සිය සොහොයුරා පිළිබඳ සාකච්ඡා කළ බවත් එමගින් හෙළි වී ඇත.
මෙම හඬ පටය පිළිබඳ මේ වන විටත් වැඩි දුර විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.