රාවනා පැණිය ඇමැති දයාසිරිට යැව්වා…! නෙගටිව් වාර්තාව හෙට එයි….! වාසුටයි හකීම්ටයි හෙට බේත දෙනවා..! – රිටිගල වෙද මහතා….

January 13, 2021 at 11:11 pm | by emanisa.lk

දැනට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරට තමන් නිෂ්පාදනය කළ දේශීය කොරෝනා ඖෂධය ලබා දුන් බව රිටිගල වෙද පරපුරේ දේවින්ද රණසිංහ වෙද මහතා සඳහන් කරයි.

එහි වාර්තාව හෙට දිනයේ එළියට එනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

එමෙන්ම දැනට ආසාදිතව සිටික වාසුදේව නානායක්කාර සහ රවුෆ් හකීම්ට ද එම ඖෂධය ලබා දෙන බවද ඔහු කියා සිටියේය.

මේ අතර තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණියක් භාවිත කළේ යයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර සඳහන් කරයි.

එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් භාවිත කළේ නැති බවත් ඔහු කියා සිටියි. හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වන අතර ඔහු මෙසේ පවසා තිබිණි.

වෛරසය ආසාදි වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන් ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායන ලක්වෙමින් සිටින බව ද ඔහු පැවසීය.

අදාළ පුද්ගලයා විවිධ අය හරහා තමන් සම්බන්ධ කර ගැනීමට තුන් හතර වතාවක් උත්සාහ දැරුව ද තමන් ඊට ඉඩ නොදුන් බවද ඔහු කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *