පාර්ලිමේන්තු පොකුරක පෙර නිමිති….! ඇමැති වාසුදේවටත් කොරෝනා…!

January 11, 2021 at 10:59 am | by emanisa.lk

අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් මේ බව තහවුරු කරයි.

මේ වන විට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවව තහවුරු වී තිබේ.

82 හැවිරිදි වියේ පසුවන ඇමැති වාසුදේව පාර්ලිමේන්තුව නියෝජනය කරන වයෝවෘධතම දේශපාලකයින් අතරින් අයෙකි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රාවුෆ් හකීම් යන අයට සහ අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මෙයට පෙර තහවුරු විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *