බතික් රාජ්‍ය ඇමැති දයාසිරිටත් කොරෝනා….!

January 8, 2021 at 10:55 am | by emanisa.lk

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට හික්කඩුවේ හෝටලයක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

පසුගිය දින හතරෙහි උණ රෝගයෙන් පෙළීමෙන් පසු සිදුකළ පරීක්ෂණයේ දී තමන්ට වෛරසය ආසාදිත බව තහවුරු වූ බව ඇමැති ජයසේකර පවසයි.

කෙසේ වුවද තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු සභාවාරයට හෝ පක්ෂයේ කටයුතුවලට සහභාගී නොවූ බව ද එහෙයින් ඒ කිසිවෙකු නිරෝධායනයට ලක්කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි.

මෙතෙක් කොරෝනා ආසාදිත බව වාර්තා වූ ලංකාවේ ප්‍රමුඛ පෙළේ එක ම දේශපාලකයා දයාසිරි ජයසේකර ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *